27 C
Colombo
19/01/2025

විදෙස්ගත ශ්‍රීලාංකියන් ගෙන්වීම යලි ඇරඹේ

Share with your friends :

මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
එහි දී දකුණු කොරියාවේ හා මැද පෙරදිග රටවල රැඳී සිටින පිරිස් පළමුවෙන් ගෙන්වා ගැනීමට නියමිතය.
රැකියා අහිමිවූ ශ්‍රී ලාංකිකයෝ 35000 ක පමණ පිරිසක් මවුබිමට පැමිණීමේ බලාපොරොත්තුවෙන් මැදපෙරදිග රටවල සිරවී සිිටින බව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශ නිලධාරීන් පවසතත් මැද පෙරදිග රටවල මීට වඩා වැඩි ශ්‍රීලාංකිකයන් සංඛ්‍යාවක් ශ්‍රීලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව පැවසේ.
මේ වනවිට කොවිඩ් වයිරසය පැතිර යාම හේතුවෙන් රැකියා අහිමි වූ පිරිස් ,ගිවිසුම් ගත රැකියා කාලය ඉක්ම යාම හේතුවෙන් මව්රටට පැමිණීමට බලාප‍ොරොත්තුවෙන් සිටින පිරිස් ,යම් යම් අසනීප තත්ත්වයන් ඇති අය සහ තව දුරටත් රැඳී සිටීමෙන් දඩ මුදල්වලට යටත් වීමට ඉඩ ඇති අය සඳහා මෙහිදී ප්‍රමුඛතාවය හිමිවනු ඇත.
ඩුබායි, අබුඩාබි, සවුදි අරාබිය, කුවේට් , ‍‍ජෝර්දානය , කටාර්, ලෙබනනය, ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල් රැසක මෙම පිරිස සිරවී සිටිති.
මේ අතරින් බොහෝ පිරිස් වලට ආහාර , ඇඳුම් පැළඳුම් ඇතුළු මුලික පහසුකම් පවා නොලැබෙන බව සඳහන්ය. මේ පිරිස් පසුගිය මාස ගණනාවකම බොහෝ විට ශ්‍රිලංකාවේ සිටින තම පවුල් වලින් හෝ හිතවතුන්ගෙන් මුදල් ගෙන්වා ගෙන එදිනෙදා අවශ්‍යතා සපුරාගත් බව සඳහන්ය.
මැදපෙරදිග සිරවී සිටි අය අතුරින් පසුගිය කාලයේ වැඩි ප්‍රමුඛතාවයක් හිමිවුයේ ශ්‍රීලංකාවට පැමිණ නිරෝධායන කටයුතු හෝටල්වලදී සිදු කර ගැනීම සඳහා මුදල් වැය කල හැකි පිරිස් වලටය.

Share with your friends :