යුක්රේන් ජනාධිපති වොලඩයිමර් සෙලනේස්කි කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ තත්වය බරපතල නොවන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපතිවරයාට අමතරව යුක්රේන ආරක්ෂක ඇමතිවරයා සහ මුදල් ඇමතිවරයාටද කොරෝනා ආසදනයවී තිබේ.
මේ වන විට කොරෝනා රෝගය යුක්රේනය තුල වේගයෙන් පැතිර යමින් ඇති අතර එරට රජය විසින් දැඩි කොරෝනා පාලන නීති රීති හඳුන්වා දී තිබේ. සති අන්තවල රට ලොක්ඩවුන් කිරීම සිදු කිරීම සඳහා පසුගියදා එරට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
යුක්රේනයේ කොරෝන රෝගීන් 500865 දෙනෙකු වාර්තාවී ඇති අතර 9145 ක් කොරෝනා හේතුවෙන් මියගොස් තිබේ.
next post