27 C
Colombo
18/01/2025

ට්‍රම්ප් 2024 මීළඟ ජනාධිපතිවරණයට දැන්මම සැරසෙයි

Share with your friends :

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 මීළඟ ජනාධිපතිවරණය සඳහ රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තරග වදින්නට බලාපොරොත්තු වන බව සිය හිතවතුන් සමග පවසා තිබේ. කෙසේ වෙතත් ඒ සඳහා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ මුලික වටවලදී ඉදිරියට පැමිණ අවසානයේ පක්ෂ සම්මේලනයෙන්ද අපේක්ෂකත්වය සම්මත විය යුතුය.එය සුවිශාල ක්‍රියාවලියකි. ට්‍රම්ප් වෘත්තීයමය දේශපාලනඥයකු නොවන නිසා රිපබ්ලිකන් පක්ෂයේ සෙසු ප්‍රබලයන් ඊට ඉඩ දෙනු ඇත්දැයි යන්න විශාල ගැටලුවකි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් සිය පරාජය නිලවශයෙන් භාර ගෙන නැත. ඔහුගේ පවුලේ ඇතැම් සාමාජිකයන් පවා මේ වන විට ඔහුට පවසා ඇත්තේ පරාජය භාරගෙන සාමකාමීව ධවල මන්දිරයෙන් ඉවත්ව යන ලෙසය. කෙසේ වෙතත් 2021 ජනවාරි 21 වැනිදා ජෝ බයිඩන් නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන තුරු ඇමරිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලව ජනාධිපති ධුරයේ කටයුතු කරනු ලබන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. මේ අතර 2020 ජනාධිපතිවරණ ප්‍රතිපලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඇමරිකානු නීතිවේදීන් පවසන්නේ ට්‍රම්ප් හට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට නීතිමය පදනමක් නොමැති බවය.
කෙසේ වෙතත් මේ වන විට ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද නැවත අතින් ගණනය කරන බව ප්‍රකාශ කර තිබේ. එම ප්‍රාන්තයේ ඡන්ද 14,000 කට වැඩි ප්‍රමාණයකින් ජෝ බයිඩන් ජයග්‍රහණය කර තිබේ. එම නිසා නැවත ගණන් කලද එතරම් වෙනසක් සිදු වෙතයි බලාපොරොත්තු විය නොහැක. අනෙක් අතට ජෝර්ජියාවේ වෙනසක් සිදු වුවද එය ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට එය කිසිසේත් ප්‍රමාණවත් නොවේ.

Share with your friends :