ලිබියාවට ආසන්න මුහුද හරහා යුරෝපය වෙත අනවසර සංක්‍රමණිකයන් රැගෙන යමින් සිටි නැවක් මුහුදේ ගිලී යාම නිසා 74 දෙනෙකු මිය ගොස් තිබේ.
අනතුරට පත් නෞකාවේ සිටි 47 දෙනෙකු ගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්වී තිබේ. යුරෝපයට මුහුදු මාර්ගයෙන් යාමේදී ලිබියාව ප්‍රධානතම කෙන්ත්ද්රස්ථානයකි. මේ වසර තුල යුරෝපයට මුහුදු මාර්ග ඔස්සේ යාමට උත්සහ කල 900 කට වැඩි පිරිසක් මුහුදේ ගිලී මිය ගොස් ඇති අතර එකොලොස්දහසකගේ දිවි ගැලව ගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබේ. එසේ බේරගන්නා ලද පිරිස් ලිබියාවට ගෙන එන ලදුව එරට රඳවා සිටිති. සෙනගල් රාජ්‍යය ආසන්නයේදී පසුගිය මාසයේ සංක්‍රමණිකයන් රැගෙන ගිය යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් 140 දෙනෙකු මිය ගියහ.