ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බලය හිමි පළාත් පාලන ආයතන තුනක අයවැය පරාජයට පත්වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා සුදුසු පියවර ගැනීමට එම පක්ෂය කටයුතු කරගෙන යයි.
හල්දුම්මුල්ල ප්රාදේශීය සභාව, අම්පාර නගර සභාව, ජාඇල ප්රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන වල මෙසේ අයවැය පරාජයට පත්වී ඇත.
හල්දුම්මුල්ල ප්රාදේශීය සභාවේ මන්ත්රීවරුන් විසි දෙනෙකු සිටියද අයවැයට පක්ෂව ඡන්දය ලබා දී තිබුණේ මන්ත්රීවරුන් 03 දෙනෙකු පමණි.
ජාඇල ප්රාදේහීය සභාවේ මන්ත්රීවරු 47 දෙනකු සිටින අතර ඉන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් 23 දෙනා අතරින් 04 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම නිසා 18-27 ලෙස අයවැය පරාජයට පත්වී තිබේ.
අම්පාර නගර සභාවේ අයවැය පරාජය වී තිබුණේ 12-06 ලෙසයි. එහිදී පොදු ජන පෙරමුණේ මන්ත්රීවරු 06 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කිරීම විශේෂත්වයකි.මෙසේ අයවැය පරාජයට පත්වූ පළාත්පාලන ආයතන වල ශ්රීලංකා නිදහස් පක්ෂයටද සැලකිය යුතු බලයක් හිමිව තිබීම විශේෂත්වයකි.