27 C
Colombo
19/01/2025

කොරෝනා පාලනයට ඇමරිකාවේත් දැඩි නීති

Share with your friends :

ඇමරිකා එක්සත් ජනපදය තුල ශීග්‍රයෙන් පැතිර යන කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සති හතරත් සති හයත් අතර කාලයක් ඇමරිකාව ලොක් ඩවුන් කරන ලෙස සෞඛ්‍ය අංශ ඇමරිකානු රජයට යෝජනා කර තිබේ.
මේ අතර නිව්යෝර්ක් නගරයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිනපතා රාත්‍රී දහයට මත පැන් අලෙවිසල් , ආපන ශාලා හා කය වර්ධන මධ්‍යස්ථාන වසා දමන ලෙස නියෝග කර තිබේ.එසේම දස දෙනෙකුට වඩා එක ස්ථානයක රැස්වීමද තහනම් කර තිබේ. තවදුරටත් කොරෝනා පැතිර යන්නේ නම් පාසල් සියල්ල වසා දමා ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කරන්නටද නියමිතය.
මේ වන විට කොරෝනා හේතුවෙන් ඇමරිකානුවන් 61964 ක් රෝහල් ගතව සිටිති. සාමාන්‍යයෙන් දිනකට නවසියයක් පමණ මිය යන අතර දිනපතා ආසාදිතයන් ලක්ෂයක් පමණ අලුතෙන් හඳුනා ගැනෙති.

Share with your friends :