27 C
Colombo
25/11/2024

15 දා මධ්‍යම රාත්‍රිය තෙක් බස්නාහිර පළාත අගුලු දමයි – බස් ධාවනයත් නවතී

Share with your friends :

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.
ලබන 15 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම තහනම ක්‍රියාත්මකය.
බස්නාහිර පළාතේ සිට සෙසු පළාත් වෙත පුද්ගලයන්ට සංචරණය කිරීම වැළැක්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර හුදකලා කරඇති ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුළුවීමට කිසිවෙකුට ඉඩ නොතබන ලෙසටද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
බස්නාහිර පළාතෙන් කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් හඳුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
මේ අතර වහාම ක්‍රියාත්මකවන පරිදි ලබන 15 වනදා රාත්‍රී දක්වා බස්නාහිර පළාතෙන් පිටතට ධාවනයවන බස් රථ සහ බස්නාහිර පළාතට පැමිණෙන බස් රථ ධාවන කටයුතු නතර කිරීමටද රජය පියවර ගෙන තිබේ.එසේම බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය සිදු කරන්නේද බස්නාහිර පළාත තුල පමණි.

Share with your friends :