27 C
Colombo
24/11/2024

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යලි විවෘත කෙරේ

Share with your friends :

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල සීමිත කාර්ය මණ්ඩලයක් යොදවමින් හෙට (11) සිට නැවත විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව ප්‍රධාන කාර්යාලය මඟින් සැපයෙන සේවාවන් හම්බන්තොට, අනුරාධපුරය, යාපනය, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් කාර්යාල සහ වේරහැර කාර්යාලය හරහා ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.
එම සේවාවන් ලබාගැනීම සඳහා සේවාලාභීන් විසින් කල්වේලා ඇතිව දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතු බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
හෙට සිට මෙම සේවාවන් ලබා ගැනීමේ හැකියාව මහජනතාව ලැබෙන අතර ඒ සඳහා සතියේ දිනවල පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා 0112694331 දුරකථන අංකය අමතා දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතුය.
කෙසේවෙතත් වේරහැර කාර්යාලය මඟින් සේවා සැපයීම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන හා අවදානම් සහිත ප්‍රදේශවලට අයත් නොවන සේවාලාභීන්ට පමණක් සීමා කෙරේ.

Share with your friends :