27 C
Colombo
18/01/2025

බස් ගාස්තු තාවකාලිකව වැඩි කෙරේ – බස් හිමියන්ට රජයෙන් සහන රැසක්

Share with your friends :

කොරෝනා වසංගතය හේතුවෙන් පුද්ගලික බස් හිමියන් පත්ව ඇති අපහසුතාවය සැලකිල්ලට ගෙන කොරෝනා වසංගතය අවසන් වනතුරු බස් ගාස්තු වැඩිවීමක් රජය විසින් ලබාදී තිබේ.
අදියර තුනක් යටතේ මෙම බස් ගාස්තු සංශෝධනය සිදුකරන අතර ඒ අනුව කොවීඩ් අවදානම් මට්ටම් එක, දෙක සහ තුන ලෙස වර්ග කරමින් මෙම බස් ගාස්තු සංශෝධනය සිදු කර තිබේ.
ඒ අනුව අවදානම් මට්ටම් එකේදි සෞඛ්‍ය නිරෝධායන උපදෙස් වලට යටත්ව සාමාන්‍ය පරිදි බස් රථයට මගින් නංවා ගැනීම සිදුකල හැකි අතර එහිදී සාමාන්‍ය බස් ගාස්තු අය කරනු ලබයි. අවදානම් මට්ටම් දෙකේදී ආසන සංඛ්‍යාවට පමණක් මගින් මගින් නංවා ගනු ලබන අතර සාමාන්‍ය බස් ගාස්තුව මෙන් 1.2 ක් අයකරනු ලබයි.
අවදානම් මට්ටම් තුනේ දී ආසන සංඛ්‍යාවෙන් 50%ක් පමණක් මගීන් නංවා ගත යුතු අතර සාමාන්‍ය බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.5 ක්, අර්ධ සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2ක් අධි සුඛෝපභෝගී බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.1 අයකරනු ලබයි.
කොවීඩ් තත්වය පහව ගිය පසු බස්ගාස්තු යළි පෙර තිබූ අයුරින්ම අය කෙරෙන බව රජය පවසයි.
කොවිඞ් – 19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් ධාවකයින් අය කරනු ලබන ගාස්තු කිහිපයකින් නිදහස් කිරීමටද රජය තීරණය කර තිබේ.
ඒ අනුව, 2020 මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ධාවකයින්ගෙන් අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග් පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගාස්තු සහ අධිවේගී මාර්ගයන් හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු මෙම වසර අවසානය තෙක් අය නොකෙරේ.

Share with your friends :