පේරු ජනාධිපති මාර්ටින් විස්කාරා දෝෂාභියෝගයක් මගින් එම ධුරයෙන් ඉවත් කරන්නට එරට පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ.
ජනාධිපතිවරයාට එරෙහිව දුෂණ චෝදනා එල්ලවී තිබිණි.
මෙම දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 105 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුනේ 19 කි. පස් දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
පාර්ලිමේන්තුවේ කතානායක මැනුවෙල් මෙරිනෝ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කර තිබේ. ලබන වසරේ ජුලි මාසය දක්වා එනම් වත්මන් ජනාධිපතිගේ ධුර කාලය අවසන් වන තෙක් ඔහු එම තනතුරේ වැඩ බලනු ඇත.