27 C
Colombo
18/01/2025

කොරෝනාවට ඇමරිකානු හා ජර්මානු සමාගම් එක්ව එන්නතක් – චීන එන්නත බ්‍රසීලයේ අසාර්ථකයි

Share with your friends :

කොරෝනා රෝගය සඳහා සියයට අනුවක පමණ ඵලදායීතාවයකින් යුතු එන්නතක් නිපදවීමට ඇමරිකානු හා ජර්මානු ඖෂධ සමාගම් දෙකක් සමත් වී තිබේ.
මෙම එන්නත නිපදවූ ෆයිසර් සමාගම ඇමරිකානු සමාගමක් වන අතර සහ බයෝඑන්ටෙක් සමාගම ජර්මානු සමාගමකි.මේ එන්නත මගින් සියයට අනුවකට වැඩි පිරිසකට කොවිඩ්-19 වලක්වාගත හැකි බව මූලික විශ්ලේෂණයකින් හෙළිවී ඇති බව එම සමාගම පවසයි.
මෙම එන්නත ලබාගැනීමෙන් දින 28 කට පසු එහි ක්‍රියාකාරීත්වය ඇරඹෙන අතර එය මාත්‍රා දෙකකින් සමන්විත වේ. එක් මාත්‍රාවක් එන්නත් කර සති තුනකින් පසුව අනිත් මාත්‍රාව එන්නත් කරනු ලබයි. දෙවන මාත්‍රාවෙන් දින හතකට පසු කොරෝනා රෝගයෙන් ආරක්ෂාව ලබාගත හැකි බවද ඔවුහු පවසති.
මේ අතර චීනයේ නිෂ්පාදිත කොරෝනා එන්නතක් අත්හදාබැලීම බ්‍රසීලය විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවා තිබේ. සිනෝවැක් නමැති චීන එන්නත මෙසේ අත්හදාබැලීම නතර කර තිබේ.
ඒ එය අත්හදාබැලීම සඳහා ලබා දුන් පුද්ගලයකුට වෙනත් රෝග ලක්ෂණ පහලවීමත් සමගය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර තවමත් ප්‍රසිද්ධ කර නැති අතර බ්‍රසීල ජනාධිපති බෝල්සනාරෝ පවසා ඇත්තේ බ්‍රසීල ජනතාවට චීන එන්නත ලබා නොදෙන අතර ඔක්ස්ෆර්ඩ් සරසවිය හා ඇස්කා සෙන්කා සමාගම එක්ව නිපදවන ලද එන්නත ලබාදීමට කටයුතු කරන බවයි.

Share with your friends :