27 C
Colombo
18/01/2025

සහල් මිල ඉහලට – මෝල් හිමියන් බොරු බිල් දමා ඉතිරිය ලොරියට දෙන්න කියලා

Share with your friends :

රජය මගින් පාලන මිල නියම කිරීම ඇතුළු විවිධ පියවර ගත්තද හා පරිමාන සහල් මෝල් හිමියන් දිගින් දිගටම සහල් මිල ඉහල නැංවීම නිසා ජනතාව දැඩි අසීරුවට පත්ව සිටිති. සහල් මිල පාලනයකින් තොරව ඉහල යාමත් සමග මේ වන විට පුද්ගලික අංශයේ සුපිරි වෙළඳසල් සහල් වෙළඳාමෙන් ඉවත්වී තිබේ. ඊට හේතුවී ඇත්තේ මහා පරිමාන මෝල් හිමියන් සුපිරි වෙළඳසල් වලට පාලන මිලට බිල් නිකුත් කර ඉතිරි මුදල එම සහල් ගෙන එන ලොරියේ රියදුරුට මුදලින් ලබා දෙන ලෙස සුපිරි වෙළඳ සල් වලට දැනුම් දීම නිසාය. උදාහරණයක් ලෙස දැනට රජයේ පාලන මිල රුපියල් 120 ක් වන කීරි සම්බා කිලෝව මහාපරිමාණ මෝල් හිමියා සුපිරි වෙළඳසල් වලට හා සෙසු වෙළඳසල් වලට ලබා දෙන්නේ රුපියල් 135 බැගිනි.ඒ වෙනුවෙන් රුපියල් 120 බැගින් බිල් පතක් වෙළඳසලට නිකුත් කෙරෙන අතර ඉතිරි මුදල සහල් ගෙන එන ලොරියේ රියදුරුට මුදලින් ලබාදිය යුතුය. මේ නිසා සුපිරි වෙළඳසල් මේ වන විට සහල් විකිණීම නවතා දමා ඇත්තේ රජයේ පාලන මිලට වැඩියෙන් සහල් විකිණිය නොහැකි නිසාය.
එහෙත් සාමාන්‍ය වෙළඳසල් අදාළ මුදල ගෙවා වැඩි මිලට සහල් මිලදී ගෙන ලාභයක් ද තබාගෙන සහල් අලෙවි කරති. පාරිභෝගික කටයුතු අධිකාරියද මේ සිදුවීම දන්නා නමුත් මහාපරිමාණ මෝල් හිමියන්ට එරෙහිව පියවර ගන්නේ නැත. ඉඳහිට සාමාන්‍ය වෙළඳසැල් පාරිභෝගික අධිකාරිය මගින් වටලා අධිකරණය දඩ නියම කලද එම දඩ මුදල මහා පරිමාන මෝල් හිමියන් ගෙවා දමති.

Share with your friends :