27 C
Colombo
18/01/2025

කෝටි 170 ක් ලාභ ගන්න නැවකුත් හරවා එවලා – සීනි බද්දේ තිත්ත කතාව

Share with your friends :

පසුගිය දින වල සීනි බදු අඩු කිරීමෙන් ජනතාවට සහන නොලැබුනද ඒ හරහා රුපියල් කෝටි 170 ක යුතු ලාභයක් මහා පරිමාන සීනි වෙළඳුන්ට ලැබී තිබේ.
රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු ගේ මැදිහත්වීම නිසා දැනට සති කීපයකට පෙර එක්වරම සීනි බදු රුපියල් පනහකින් අඩු කරන ලදී.ඒ අනුව සීනි කිලෝවකට බදු සඳහා ගෙවිය යුතු වුයේ ශත 25 කි.
ඒ සමග මෙරට බන්ධිත ගුදම් වල තිබු සීනි තොග මෙට්‍රික් ටොන් අටදහසක් ශත 25 බැගින් බදු ගෙවා නිදහස් කරගෙන වෙළඳ පොලට නිකුත් කරන ලදී.
එහෙත් රටේ සීනි මිල අඩු නොවූ අතර සීනි යොදා නිපදවන ආහාර හෝ අඩුම තරමින් තේ කොප්ප්යකවත් මිල අඩු නොවීය.
එසේම බදු සහනය නිසා ඒ වන විට ඉන්දියාවේ සිට සුඩානය බලා යාත්‍රා කරමින් තිබු සීනි නැවක් වහාම නැවත හරවා ශ්‍රීලංකාවට ගෙන්වීමට එක්තරා සීනි ව්‍යාපාරිකයකු කටයුතු කරන ලදී. එම නැවෙන් සීනි මෙට්‍රික් ටොන් 26,000 ක් මෙරටට ගෙන්වා තිබේ.
මේ නිසා බදු සහනය නිසා ජනතාවට සීනි අඩුමිලට නොලැබුනද සීනි ව්‍යාපාරිකයන් ලැබූ යුතු ලාභය රුපියල් කෝටි 170 ක් පමණ වේ.
එසේම තවත් සීනි නැව් දෙකකින් තවත් මෙට්‍රික් ටොන් 50,000 ක් ඉදිරි දින කීපය තුල මෙරටට ගෙන්වීමට නියමිතව තිබේ.
එම සීනි තොග ශත 25 බැගින් බද්දට නිදහස් කළහොත් එයින්ද ව්‍යාපාරිකයන්ට ලැබෙන ලාභය කෝටි 250 කි.
සීනි ආනයනකරුවන්ගේ බලපෑම මත සීනි බදු නැවත වැඩි කිරීමට මේ වන විට රජයේ ඉහල නිලධාරීන් පිරිසක් එකඟතාවය පළකර තිබේ.

Share with your friends :