ඇමරිකාව පුරා ජනතාව ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයත් සමග වීථි බසිමින් ජයග්‍රහණය සමරන්නට පටන් ගෙන තිබේ. බයිඩන්ගේ ජයග්‍රහණය සමග මේ වන විට ඇමරිකාව පුරා උත්සවශ්‍රීයක් ගෙන තිබේ.
විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව ට්‍රම්ප් පරිපාලනය යටතේ දැඩි ආර්ථික අසීරුතාවලට ලක්ව සිටි අතර සමාජ සුභසාධන වැඩපිළිවෙල රැසක් අහිමි වෙමින් පැවතිනි. ට්‍රම්ප්ගේ පරාජයෙන් මේ වන විට වැඩිපුරම සතුටට පත්ව සිටින්නේ මේ සාමාන්‍ය ජනතාවය. ට්‍රම්ප් ධනවතුන්ට බදු සහන ලබාදෙමින් කටයුතු කිරීම නිසා ඇමරිකාවේ ධනවතුන්ගේ වත්කම් පසුගිය කාලය පුරා විශාල ලෙස ඉහල ගියේය. සැබවින්ම ට්‍රම්ප් ඇමරිකාව පාලනය කලේ ව්‍යාපාරයක් කර ගෙන යන ආකාරයෙනි. ඩිමොක්රටික් පක්ෂය සාමාන්‍යයෙන් ධනවතුන්ගෙන් බදු අය කර සාමාන්‍ය ජනතවට සහන සැලසීම තම ප්‍රතිපත්තිය කර ගෙන තිබේ.