27 C
Colombo
18/01/2025

කොරෝනා ප්‍රංශය ගිල ගනී – දිනක් තුල මරණ 828 ක්

Share with your friends :

ප්‍රංශයේ පසුගිය පැය 24 තුල කොරෝනා ආසාදිතයන් 60486 ක් වාර්තාවී තිබේ. එසේම එම කාලය තුල කොරෝනා මරණ 828 ක් එරට වාර්තාවී තිබේ.ඒ අනුව මේ දක්වා කොරෝනා රෝගයෙන් ප්‍රංශයේ 828 දෙනෙකු මියගොස් තිබේ.
ප්‍රංශය දෙවන වරටත් ලොක්ඩවුන් කර මේ වන විට සතියක් ගතවී තිබියදීත් මේ තරම් දරුණු ලෙස කොරෝනා පැතිරයාම බරපතල ගැටලුවක්වී තිබේ.
ප්‍රංශයේ මේ වන විට අත්‍යවශ්‍ය නොවන සියලු ස්ථාන වසා දමා තිබේ.පාසල් තවමත් විවෘතව පවතී.නිවසේ සිට කල නොහැකි රාජකාරී කටයුතු සඳහා පිටතට යා හැක. ආහාර පාන ගෙන එම හා ප්‍රතිකාර සඳහාද පිටතට යාමට හැක. එසේම ප්‍රංශය පුරා රාත්‍රී දහයේ සිට පසුදා උදෑසන හය දක්වා ඇඳිරි නීතියද ක්‍රියාත්මක වේ.

Share with your friends :