27 C
Colombo
18/01/2025

ඇමරිකාවේ ජනාධිපති සටනින් ජෝ බයිඩන් ජය ගනී – දිවුරුම් දීම 2021 ජනවාරි 20

Share with your friends :

ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් තේරී පත් විය.පෙනිසිල්වේනිවියා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමත් සමග ජයග්‍රහණයට අවශ්‍යවූ ඉලෙක්ටෝරල් නියෝජිත සංඛ්‍යාව වන 270 පසුකර ගියේය.බයිඩන් දැනට ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 290 ක් ජය ගෙන ඇති අතර ට්‍රම්ප් හට ජය ගැනීමට හැකිව ඇත්තේ 214 ක් පමනි.
ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන උප ජනාධිපතිවරයා ලෙසද ඔහු 2008 සිට 2016 දක්වා කටයුතු කර තිබේ.
ඩෙලවෙයාර් හි සෙනෙට් සභිකයා ලෙස 1973 සිට 2009 දක්වා ජෝ බයිඩන් කටයුතු කර තිබේ.
ජෝසෆ් බයිඩන් හා කැතරින් ඉයුජිනියා යුවලගේ වැඩිමහල් දරුවා ලෙස ජෝ බයිඩන් 1942 නොවැම්බර් 20 දා පෙන්සිල්වේනියාවේ ස්ක‍්‍රැන්ටන්හි ශාන්ත මරියා රෝහලේදී උපත ලැබීය. ඔහුට සහෝදරියක් සහ සහෝදරයන් දෙදෙනෙකි.
ක්ලේමොන්ට්හි ආර්ච්මියර් ඇකඩමියෙන් 1961 දී පලමු උපාධිය ලබා බයිඩන් නෙවාක්හි ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් ලබා ගත්තේ 1965 දීය.1968 දී බයිඩන් සිරකස් විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගත්තේය.
ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දීම සිදුවන්නේ 2021 ජනවාරි 20 වැනිදා ය.

Share with your friends :