27 C
Colombo
18/01/2025

ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපති ජයග්‍රහණය ආසන්නයේ – ඉතිහාසයේ වැඩිම ඡන්ද වාර්තාවකුත් පිහිටුවයි

Share with your friends :

2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිපල අනුව ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 264 ක් දිනා ගනිමින් ජෝ බයිඩන් ජයග්‍රහණය ආසන්නයටම පැමිණ සිටී.
ජයග්‍රයන්හ ණයට අවශ්‍ය නියෝජිත සංඛ්‍යාව 270 කි.ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරණයකදී ලැබූ වැඩිම ඡන්ද ප්‍රමාණය ලබමින් ඡන්ද 7114228 ක් ජෝ බයිඩන් වාර්තාවක්ද මේ වන විට පිහිටුවා තිබේ.මෙතෙක් එම වාර්තාවට හිමිකම් කීවේ ජනාධිපති බැරක් ඔබාමා ය.
මේ වන විට ජනාධිපති ඩොනල්ඩ ට්‍රම්ප් ලබා ගෙන ඇත්තේ කොලේජ් නියෝජිතයන් නියෝජිතයන් 214 ක් පමණි.
මේ වන විට පෙනිසිල්වේනියා , ජෝර්ජියා , නෝර්ත් කැරොලිනා , මිචිගන් ,නෙවාඩා ,ඇරිසෝනා, විස්කොන්සින් ,ඇලස්කා , මෙයින් , යන ප්‍රාන්ත වල ඡන්ද ප්‍රතිපල නිකුත්වීමට නියමිතව තිබේ.මේ අතරින් වඩාත් තීරණාත්මක මිචිගන් හා විස්කොන්සින් ප්‍රාන්ත වලින් පෙරමුණ ගන්නට ජෝ බයිඩන් සමත්වී තිබේ. මේ අතර ෆ්ලොරිඩා හා පෙනිසිල්වේනියා ජනපදවල ජනාධිපති ට්‍රම්ප් දැනට ඉදිරියෙන් සිටී. කෙසේවෙතත් පෙනිසිල්වේනියා ,නොර්ත් කැරොලිනා , ජෝර්ජියා පරාජය වුවද ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට බයිඩන් හට අවස්ථාව තිබේ.
තැපැල් ඡන්ද මේ වන විට ගණනය කෙරෙන අතර එයින් වැඩි බහුතරය බයිඩන් හට ලැබී තිබේ.
ඇතැම්විට පෙනිසිවෙනියා ප්‍රාන්තයේ අවසන් ප්‍රතිපලය නිකුත් කිරීම ලබන සිකුරාදා දක්වා කල්යාමටද ඉඩ තිබේ.
මේ අතර තැපැල් ඡන්ද වල වැඩි වාසිය බයිඩන් හට ලැබෙමින් තිබෙන බැවින් එය වැලැක්වීම සඳහා ජනාධිපති ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට සුදානමින් සිටී.

Share with your friends :