27 C
Colombo
18/01/2025

බයිඩන් 248 – ට්‍රම්ප් 214 මීළඟ ඇමරිකානු ජනාධිපතිවරයා වීමට බයිඩන් ට වැඩි අවස්ථාවක්

Share with your friends :

ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිපල අනුව මීළඟ ජනාධිපතිවරයා වීමට වැඩි ඉඩකඩක් ඇත්තේ ඩිමොක්‍රටික් අපේක්ක්ෂක ජෝ බයිඩන්ටය. තැපැල් ඡන්ද මේ වන විට ගණනය කෙරෙන අතර එයින් වැඩි බහුතරය බයිඩන් හට ලැබී තිබේ.
2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත්ව ඇති ප්‍රතිපල අනුව ජෝ බයිඩන් ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 248 ක් ජයගෙන තිබේ.
රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ට්‍රම්ප් ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 214 ක් ජයගෙන තිබේ.
මේ වන විට පෙනිසිල්වේනියා , ජෝර්ජියා , නෝර්ත් කැරොලිනා , මිචිගන් ,නෙවාඩා ,ඇරිසෝනා යන ප්‍රාන්ත වල ඡන්ද ප්‍රතිපල නිකුත්වීමට නියමිතව තිබේ.
ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් ප්‍රමාණය 270 කි.

Share with your friends :