පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරින් 150 ට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී වයිරසය ආසාදනය වී බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මීගමුව පොලිසියේ එක් නිලධාරියෙක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙක්, බොරැල්ල පොලිසියේ 8 දෙනෙකු, කෙසෙල්වත්ත පොලිසියේ දෙදෙනකු, පිටකොටුව පොලිසියේ එක් නිලධාරියකු, කොළඹ අපරාධ කොට්ඨාසයේ අයකු සහ පොලිස් ප්‍රභූ ආරක්ෂක බළකායේ නිලධාරින් දෙනෙකු හඳුනාගෙන තිබේ.
