මුළු ලොවෙහිම අවධානයට් ලක්ව තිබෙන 2020 ඇමරිකානු ජනාධිපතිවරණය අද පැවැත්වේ. රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් අතර පවතින්නේ සමීප සටනකි. එහෙත් මේ වන විට ඉදිරියෙන් සිටින්නේ ජෝ බයිඩන් ය.
2016 දී ට්‍රම්ප් හිලරි ක්ලින්ටන්ට වඩා ලක්ෂ 30 ක් අඩුවෙන් ඡන්ද ලබා ඇමරිකානු ජනාධිපතිවරණය ජය ගත්තේ ඇමරිකානු ජනාධිපතිවරණයේ ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිත ක්‍රමය නිසාය. එහිදී නියෝජිතයන් වැඩි ප්‍රමාණයක් ජයගන්නට ට්‍රම්ප් සමත් වුයේ යම් ප්‍රාන්තයක වැඩි ඡන්ද ලබාගන්නා අපේක්ෂකයාට එහි මුළු නියෝජිත සංඛ්‍යාවම හිමිවීම නිසාය.ඒ අනුව දෝලනය වෙමින් තිබු ප්‍රධාන පෙලේ විශාල ප්‍රාන්ත හතරක් යන්තමින් ජයගැනීම ට්‍රම්ප් ගේ ජයග්‍රහණයට හේතුවිය.හිලරි අති විශාල ප්‍රතිශත වලින් කැලිෆෝර්නියා හා නිව්යෝර්ක් වැනි ජනපද ජය ගත් අතර එම වැඩි ඡන්ද අවසන් ජයග්‍රහණයට බලපෑමක් නොවීම හිලරිගේ පරාජයට හේතු විය.
මෙවරද එම ප්‍රාන්තවල ජයග්‍රහණය මෙවරද ජයග්‍රහකයා තීරණය කරනු ඇත.2016 දී මිචිගන් ප්‍රාන්තය ට්‍රම්ප් ජයගත්තේ වැඩි ඡන්ද 10704 කිනි.එය ප්‍රාන්තයේ ඡන්ද භාවිතාකළ ලක්ෂ හතලිස් අටකට වැඩි පිරිස හා සසඳන කල එය සියයට දශම 0.23 ක ප්‍රමාණයකි.පෙනිසිල්වේනියා ප්‍රාන්තය ට්‍රම්ප් ජයගත්තේ චන්ද 44,292 ක් හෙවත් දශම 0.72 කිනි.විස්කොන්සින් ප්‍රාන්තය ට්‍රම්ප් ජයගත්තේ ඡන්ද 22748 කින් හෙවත් සියයට දශම 0,77 කිනි.ෆ්ලොරිඩා ප්‍රාන්තය ට්‍රම්ප් 2016 දී ජයගත්තේ සියයට 1.2 කින් එනම් ඡන 112,911 කිනි.ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඡන්දය භාවිත කල ලක්ෂ අනුහතරක ප්‍රමාණය හා සසඳන කල එය සුළු අගයක් වුවත් ටම්ප්ගේ ජයග්‍රහණයට එය ඍජුවම බලපෑවේය.මෙවරද ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය කරන්නේ ප්‍රධාන වශයෙන් මේ ප්‍රාන්ත කීපයෙනි.ඊට හේතුව සෙසු බොහෝ ප්‍රාන්ත ප්‍රධාන පක්ෂ දෙකේ බලකොටු වශයෙන් සාම්ප්‍රදායිකවම බෙදී පවතින බැවින් විශේෂිත අවස්ථාවල හැර සාමාන්‍යයෙන් ප්‍රධාන පක්ෂ දෙක අතරේ බෙදී පැවතීමය.එහෙත් ඒවාද වෙනස් වූ අවස්ථා තිබේ.එම නිසා අවසන් තීරකයා ඡන්ද දායකයාය.