කොරෝනා දෙවන රැල්ල සමග ලෝක ඉන්ධන මිල ශීග්‍රයෙන් පහල ගොස් තිබේ.
මේ අනුව ඉන්ධන බැරලයක මිල ඩොලර් 35.77 දක්වා පහල ගොස් ඇති අතර මෙය මාස පහකට පසු වාර්තාවූ අඩුම ඉන්ධන මිලවේ.
ලොව පුරා ඉන්ධන වලට ඇති ඉල්ලුම පහල යාම හා ආර්ථිකයේ පහල බැස්ම මෙම තත්වයට හේතු වී තිබේ.
ඇමරිකානු වෙළඳ පොලේ ඉන්ධන බැරලයක මිල ඩොලර් 33.64 දක්වා පහල බැස තිබේ.
පසුගිය කාලයේ ලොව අඩුම ඉන්ධන මිල වාර්තා වුවද ශ්‍රිලංකාවේ ඉන්ධන මිල අඩු කෙරුනේ නැත.