27 C
Colombo
01/11/2024

නිරෝධායනය වන පවුල් වලට ආණ්ඩුවෙන් සහන මල්ලක්

Share with your friends :

නිරෝධායනයට ලක්වන පවුල් සඳහා රුපියල් 10,000ක වටිනාකමකින් යුත් ආහාර මල්ලක් නොමිලේ ලබා දීමට රජය තීරණය කර ඇත.
රුපියල් 5000ක වටිනාකමකින් යුත් ආහාර මලු දෙකක් වශයෙන් අවස්ථා දෙකකදී මෙය ලබා දීමට තීරණය කර තිබේ.
දින 14ක් සඳහා සරිලන ආකාරයට සකස්කර ඇති මෙම ආහාර මලු ලබා දීමේ කටයුතු මේ වන විට දිස්ත්‍රික් ලේකම් හෝ දිසාපතිවරුන්ගේ මුලිකත්වයෙන් සිදු කෙරේ.
දැනට නිරෝධායනය වන පවුල් වලට අමතරව අලුතින් නිරෝධායනයට එක්වන පවුල් සම්බන්ධයෙන්ද තොරතුරු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ලබාගෙන එලෙස අලුතින් එක්වන පවුල් සඳහා ද අඛණ්ඩව මෙම රුපියල් දසදහසේ ආහාර මල්ල ලබා දීමට කටයුතු කෙරේ.

Share with your friends :