සුප්රසිද්ධ ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ජේම්ස් බොන්ඩ් චරිතය නිරුපනය කල ෂෝන් කොනරි අභාවප්රාප්ත විය.
මිය යන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවූ අතර බහමාස් හි දී ඔහුගේ අභාවය සිදුවී තිබේ.
ලොව පුරා ඉමහත් ආදරයට පාත්රවූ මෙම සම්භාවනීය ස්කොට්ලන්ත ජාතිකයාගේ රංගන ජීවිතය දශක පහකට වැඩිය.
1988 දී අන්ටචබල්ස් වෙනුවෙන් ලැබූ ඔස්කාර් සම්මානය, බැෆ්ටා සම්මාන දෙකක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 3 කින් එය විචිත්රවත් විය.
අන්ටචබල්ස් ,ඉන්ඩියානා ජෝන්ස්,හයිලෑන්ඩර්, ලාස්ට් කෘෘසේඩ්, ද හන්ට් ෆෝ රෙඩ් ඔක්ටෝබර් සහ ද රොක් යන චිත්රපටවල ඔහු දායක විය.
2000 වසරේදී දෙවන එලිසබෙත් මහ රැජින විසින් ඔහු නයිට් නාමයෙන් පුදනු ලැබීය. ඔහු තම 90 වන උපන්දිනය සමරුවේ පසුගිය අගෝස්තු මාසයේය.
