27 C
Colombo
18/01/2025

තුර්කියට හා ග්‍රීසියට භූමිකම්පාවක් හා සුනාමියක් 28 ක් මරුට – 800 කට තුවාල

Share with your friends :

තුර්කියේ ඊජියන් මුහුදු කලාපයේ ඉස්මීර් ප්‍රාන්තයේ ඇති වූ රික්ටර් ඒකක 7 ක ප්‍රබල භූකම්පනයකින් 26 දෙනෙකු මියගොස් 800 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. ග්‍රීසියේ සාමොස් දූපතටද මෙම භූමිකම්පාවෙන් හානි සිදුවී තිබේ.සමොස් දුපතේ දෙදෙනෙකු භූමිකම්පාවෙන් මියගොස් ඇති අතර අට දෙනෙකු තුවාල ලබා තිබේ.
මේ සමග ඉස්මීර් හා සාමොස් ප්‍රදේශ වලට කුඩා සුනාමියක්ද බලපා තිබේ.මෙම භූ කම්පනයේ බලපෑම ඇතන්ස් හා ඉස්තාන්බූල් නගර වලටද දැනී තිබේ.
තුර්කියේ තෙවැනි විශාලතම නගරය වන ඉස්මීර් නගරයේ ගොඩනැගිලි 20 කට වැඩි ප්‍රමාණයක් මෙම භූකම්පනය හේතුවෙන් විනාශ වී ඇත.සාමොස් දූපතේද ගොඩනැගිලි කීපයක් කඩා වැටී ඇත.
මේ වනවිට විනාශ වූ ගොඩනැගිලි අතර සිරවී සිටින පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ වී තිබේ.මේ අතර කුඩා සුනාමියත් සමග ධීවරයන් කීපදෙනෙකු තවමත් අතුරුදන්ව සිටිති.
සාමොස් දුපතට 1904 වසරට පසු බලපෑ දරුණුතම භූමිකම්පාව මෙයයි.සාමොස් දුපතේ හතලිස් පන්දහසකට වැඩි පිරිසක් වාසය කරති.තුර්කියේ ඉස්මීර් නගරයේ ලක්ෂ තිහක ජනතාවක් වාසය කරති.

Share with your friends :