27 C
Colombo
01/11/2024

හදිසි මරණ කීපයකට හේතුව කොරෝනා දැයි සොයන්න පරීක්ෂණ

Share with your friends :

කොරෝනා ව්‍යාප්තියත් සමග සිදුවූ මරණ කීපයකට හේතුව කොරෝනා වයිරසය දැයි සැක මතුවී තිබේ.පන්නල ඇඟලුම් කම්හලක සේවය කරන තරුණියක් නිවසේ සිටියදී හදිසියේ රෝගාතුර වී දඹදෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ගිරිඋල්ල පොලිස් වසමට අයත් බළගොල්ල නාරන්ගොඩ පදිංචිව සිටි ඩබ්.ඒ. එන්.ඒ. මධුවන්ති නමැති විසිපස් හැවිරිදි අවිවාහක තරුණියකි.
මෙම තරුණිය නිවසේ සිටියදී බඩේ සහ පපුවේ කැක්කුමෙක් ඇති බව පවසා පසුව කලාන්ත ගතියක් ඇති වු නිසා පවුලේ අය විසින් ඇය දඹදෙණිය රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව මිය ගොස් තිබේ.
මේ අතර ජාතික රෝහල, IDH රෝහල, මුල්ලේරියාව රෝහල යන රෝහල් වල කොරෝනා ආසාදිත යැයි සැක සහිත මරණ 06ක් පසුගියදා වාර්තා වී තිබිණි.
මිය ගිය තිදෙනෙක් රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි අතර අනෙක් තිදෙනා දැඩි සත්කාර ඒකකවලදී මියගිය ගොස් තිබේ.
මියගිය අය අතර වයස අවුරුදු 21 ක තරුණයකු ද සිටී.
මේ අතර බියගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී. එල්. අමරසේකර මහතා හදිසි අසනීප තත්වයක් මත රෝහල්ගත කල පසු මියගොස් ඇත. පොලීසිය පවසන්නේ මියගිය බියගම පොලිස් ස්ථානාධිපතිවරයා නිදන්ගත රෝග කිහිපයකටම ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවයි. පසුව සිදු කරන ලද පීසීආර් පරීක්ෂනයේදී ඔහුට කොරෝනා වැලඳී නැතැයි හෙළිවී තිබේ.
මාරවිල රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය ගොස් ඇත.61 හැවිරිදි මෙම කාන්තාව දන්කොටුව මැල්ලව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
ඇය රෝහල්ගත කර ඇත්තේ උණ සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.
මෙම පුද්ගලයන් මිය ගියේ කොරෝනා වෛරසය හේතුවෙන් ද සොයා බැලීමට PCR පරීක්ෂණ සදහා ජීව සාම්පල යොමු කර ඇත.

Share with your friends :