27 C
Colombo
18/01/2025

රෝහල් පිරී යයි – ඉදිරි කොරෝනා රෝගීන් නිරෝධායන මධ්‍යස්ථානවලට

Share with your friends :

විශාල වශයෙන් වාර්තාවන කොරෝනා රෝගීන් ප්‍රමාණයට අවශ්‍ය තරම් රජයේ රෝහල්වල පහසුකම් නොමැති නිසා අලුතින් හඳුනාගන්නා කොරෝනා ආසාදිත පුද්ගලයන් ‍ත‍්‍රිවිද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලට ඇතුලත් කිරීමට තීරණය වී තිබේ.
මෙම මධ්‍යස්ථාන අතරමැදි වෛද්‍ය නිරීක්ෂණ මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අතර වෛද්‍යවරුන් විසින් පාලන කටයුතු සිදුකරන අතර කෑම බීම ආරක්ෂාව ඇතුළු කටයුතු ත්‍රිවිධ හමුදා මගින් සපයනු ලබයි.
එම මධ්‍යස්ථානවල රඳවන අයගේ සංකූලතා ඇතිවන්නේ නම් ඔවුන් වහාම ළඟම ඇති කොරෝනා ප්‍රතිකාර රෝහලට යැවෙනු ඇත.
මීට අමතරව කොරෝනා ආසාදිතයන් ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ඔවුන්ගේ නිවසේම නිරෝධානය කෙරේ.
දැනට නිරෝධායන මධ්‍යස්ථාන තුල රඳවා සිටින සියලු පුද්ගලයන් සියළු දෙනා ඉදිරි දින වලදී කොරෝනා පරීක්ෂණවලට යොමු කර ඉන්පසුව ඔවුන්ගේ නිවාස වෙත යොමු කෙරේ.

Share with your friends :