රට පුරා පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් එක් දිනකට පමණක් සීමා කිරීමට තීරණය වී තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසිනි.ඒ අනුව නොවැම්බර් 3 වැනිදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
2020 සඳහා වන විසර්ජන කෙටුම්පත නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද එහිදී තීරණයවී ඇත.
