27 C
Colombo
18/01/2025

පොම්පියෝ ශ්‍රීලංකාවට – ලංකාව තුල චීන වැඩ ගැන ඇමරිකාව දැඩි ස්ථාවරයක

Share with your friends :

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රීලංකාවට පැමිණ තිබේ. මෙම දෙදින නිල සංචාරයේදී රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අගමැති මහින්ද රාජපක්ෂ හා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
අද මෙරටට පැමිනි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ සංචාරය ශ්‍රී ලංකාව හා චීනය අතර සම්බන්ධතා සම්බන්ධයෙන් තීරණාත්මක කඩ ඉමක් බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචිමාර්ග පවසයි. මේ වන විටත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රීලංකාව තුල චීනයේ ක්‍රියාකාරකම් සම්බන්ධව දැඩි පිළිවෙතක් අනුගමනය කරන්නට තීරණය කර තිබේ.මේ අතර ඉන්දියාවද චීනය සමග ශ්‍රිලංකාවේ සමීප සම්බන්ධතා සම්බන්ධයෙන් සිය නොසතුට ඉහලම මට්ටමින් කීප අවස්ථාවකදීම ප්‍රකාශ කර තිබේ.ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් චීන ශ්‍රීලංකා සම්බන්ධතා ඍජුවම බලපාන බව ඉන්දියාවේ අදහසයි.
පොම්පියෝ ගේ මෙවර ආසියානු සංචාරයේ දී ඔහු ඉන්දියාව , මාලදිවයින හා ඉන්දුනීසියාවේද රාජ්‍ය නායකයන් හමුවීමට නියමිත ය.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ මෙම කලාපයේ චීනයට බල ව්‍යාප්තිය අඩපන කිරීමය.
ඇමරිකානු ජනාධිපතිවරණයට දින කීපයක් තිබියදී රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාව ඇතුළු රටවල කීපයක සංචාරය කිරීම තුලින් පෙන්නුම් කෙරෙන්නේ චීන ප්‍රශ්නය ඇමරිකාවට කොතරම් බලපානවාද යන්නය.
දකුණු හා මධ්‍යම ආසියානු කලාපය බාර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ඩීන් තොම්සන් මෙම පසුගියදා වොෂින්ටනයේ දී මාධ්‍ය වේදීන් අමතා ප්‍රකාශ කර ඇත්තේ “ශ්‍රී ලංකාව සමග අපේ සබඳතාවය විවිධ යුග ඔස්සේ දිගුකාලයක් ගමන් කර තිබෙනවා, දැන් එළැඹ ඇත්තේ තමන් ගමන් කරන්නේ ඇමරිකාව හා චීනය යන පාර්ශව අතරින් කොයි දිසාවටදැයි තෝරාගත යුතු තැනකටයි ,ශ්‍රී ලංකාවේ දිගු කාලීන ස්ථාවරභාවය හා සෞභාග්‍යය ප්‍රවර්ධනය කරමින් එරට විවිධාකාර ප්‍රජාවන්ගේ අභිමානය හා සමානතාව සහතික කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය, මානව හිමිකම්, සංහිඳියාව, ආගමික නිදහස, සහ යුක්තිය නගා සිටුවන මෙන් අපි නොනවත්වාම ශ්‍රී ලංකාවට බලකර සිටින්නෙමු” යනුවෙනි.

Share with your friends :