පසුගිය සති කීපය පුරා ආන්දෝලනයට තුඩු දුන් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇමී කොනී බැරට් විනිසුරුවරියගේ පත් වීම ඇමරිකානු සෙනෙට් සභාව විසින් අනුමත කර තිබේ.
ට්‍රම්ප්ගේ මෙම පත්වීමට ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුවද රිපබ්ලිකන් බහුතරයක් සහිත සෙනෙට් සභාව තුල ඇයගේ පත්වීම 52-48 ක් ලෙස සම්මත විය.
පසුව කොනී බැරට් ධවල මන්දිරයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ක්ලැරන්ස් තෝමස් ඉදිරියේ දිවුරුම් දෙන ලදී.48 හැවිරිදි මෙම විනිසුරුවරිය ජනාධිපති ට්‍රම්ප් විසින් සිය ධුර කාලයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන ලද තුන් වන විනිසුරුය.
ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තම ජීවිතකාලය පුරා එම පදවිය දරති.
