27 C
Colombo
01/11/2024

විමල්ලා ඡන්දය නොදුන්නා නම් විපක්ෂයෙන් තවත් හතක් එන්න ඉඳලා

Share with your friends :

විසි වන ව්‍යවස්ථා සංශෝධනයේදී විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර ඇතුළු පිරිස ඊට විරුද්ධව ඡන්දය භාවිත කලේ නම්ආණ්ඩුවට එක්වූ අටදෙනාට අමතරව තවත් විපක්ෂ මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ආණ්ඩුව සමග ඡන්දය භාවිත කිරීමට සුදානමින් සිට ඇත.
විමල් ඇතුළු මන්ත්‍රීවරු 15 දෙනෙකු ලිපියකට අත්සන් තබා ඇතැයි වාර්තා වීමත් සමග ආණ්ඩුවද වහාම පහළොස් දෙනෙකු ආණ්ඩුවට ගැනීම සඳහා කටයුතු කල අතර මේ බව දැන ගන්නට ලැබීමෙන් පසු විමල් ඇතුළු පිරිස ආණ්ඩුව සමග ඡන්දය ලබා දෙන්නට තීරණය කර තිබේ. අදාළ මන්ත්‍රීවරුන් ප්‍රමාණය ලැබීම නිසා මන්ත්‍රීවරුන් අටක් පමණක් මේ අවස්ථාවේ ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමට ආණ්ඩුව පසුව තීරණය කර තිබේ.

Share with your friends :