27 C
Colombo
18/01/2025

විරෝධතා අවසන්-විමල්,ගම්මන්පිල,වාසු 20 ට එකඟයි

Share with your friends :

ද්විත්ව පුරවැසියන් සම්බන්ධයෙන් ඇති වගන්තියද ඇතුළුව 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තිරණය කල බව එම පක්ෂවල නායකයෝ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළහ.
විසිවන සංශෝධනය ට පක්ෂ වී ද්විත්ව පුරවැසි බාධාවන් ඉවත් කරන වගන්තියට නිෂ්ක්‍රීය වීමට තම පක්ෂ කලින් තීන්දු කර තිබුණ ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඉතා හැඟීම්බර ලෙස කළ කල ඉල්ලීම මත පසු එම තීරණය වෙනස් කළ බව මෙහිදී ඔවුන් පැවසූහ.
එමෙන්ම ඉදිරි වසර ඇතුළත ඉදිරිපත් කරනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද්විත්ව පුරවැසි බාධක වගන්තිය අනිවාර්යෙන්ම ඇතුලත් කරන බවත් ඒ බව අද දිනය තුළ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මගින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරවන බවද ජනාධිපතිවරයා එහිදී පොරොන්දුවූ බවද මොවුහු පැවසූහ.
මෙම පුවත්පත් සාකච්ඡාවට විමල් වීරවංශ,උදය ගම්මන්පිල,වාසුදේව නානායක්කාර යන ඇමතිවරුද මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වුහ.

Share with your friends :