වහාම ක්‍රියාත්මක වන පරිදි මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
කොරෝනා වසංගතය පැතිර යාම වැලැක්වීම සඳහා මෙසේ ඇඳිරි නීතිය පනවා ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
කොලඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ සදහා මෙවර ඇදිරි නීතිය පැනවූයේ මුල් වරටය.
