සමගි ජනබලවේගය සමග එක්ව තරග කර පාර්ලිමේන්තුවට පැමිණි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළහ.ඉෂාක් රහුමාන්,එම්.රහීම්,නසීර් අහමඩ්,මොහමඩ් හාරිස්,ෆයිසාල් කාසීම්,අරවින්ද් කුමාර්,එම්.එස්.තවුෆීක් යන මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය දුන්හ. නමුත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඊට විරුද්ධව ඡන්දය භාවිත කළේය.
මීට පෙර 20 වන සංශෝධනයට විරෝධය පළ කළ විජයදාස රාජපක්ෂ මහතාද පක්ෂව ඡන්දය භාවිත කළේය. මීට අමතරව සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශා්ධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නාය.
previous post