27 C
Colombo
18/01/2025

20 සංශෝධනයේ ඇතැම් වගන්ති රටට අහිතකරයි – මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

Share with your friends :

ජනතා ආශිර්වාදය නොමැතිව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළත් එය ජයග‍්‍රහණයක් නොව පරාජයක් වන පැපිලියාන සුනේත‍්‍රාදේවි පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

වැඩිදුරටත් කරුණු දක්වන මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ “විසිවැනි සංශෝධනයේ ඇති  හදිසි පනත් ගෙන ඒමේ වගන්තිය රටට අහිතකරයි.එහි  122 වැනි වගන්තිය. එහි තිබෙන්නේ හදිසි පනතක් ගෙන ආ හැකියි කියලා. හැබැයි 19 වැනි සංශෝධනයේදී එය අහෝසි කර තිබෙනවා. හදිසි පනත් ගෙන ඒම මගින්  රටේ රැකියා පවා ස්වදේශිකයන්ට අහිමිවේවි. එනිසා හදිසි පනත් ගෙන ඒමට තියෙන ව්‍යවස්ථාපිත අවස්ථා අහුරා ඇති වගන්තිය ඉවත් නොකරන ලෙස අපි ආණ්ඩුවට දන්වනවා

රාජ්‍ය ආයතන හා  සමාගම් හා විගණනය ඉවත් කිරීම වැරදියි.රටක මූලික නීතිය වන්නේ ව්‍යවස්ථාවයි. හැබැයි ව්‍යවස්ථාවේ නැතිව මේ පනතින් පමණක් කළොත් ඉන් ලැබෙන්නේ අහිතකර ප‍්‍රතිඵලයි. එනිසා අප රටේ ව්‍යවස්ථාව තුළ මේ විගණන කටයුතු කළ යුතුයි.

අනෙක් කාරණය  ද්විත්ව පුරවැසි භාවයයි.අර්ජුන් මහේන්ද්‍රන් අපේ රට කොල්ල කාලා පැනලා ගිහිල්ලා අද ඔහු ගෙන්න ගන්න බැරිව ඉන්නවා. එනිසා අපේ රටේ ඉහළ තනතුරු ද්විත්ව පුරවැසිභාවය තියෙන අයට ලබා නොදිය යුතුයි.එනිසා මේ රාජ්‍ය දුර්වල කරන සියල්ලම ඉවත් කළ යුතුයි.

අඩුපාඩු සකස් කරගෙන විස්ස සම්මත කිරීම ගැන මහා සංඝරත්නයේ විරෝධයක් නැහැ”

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ වර්තමාන රජය බලයට පත් කර ගැනීම සඳහා දැඩි ලෙස කැපවී කටයුතු කල හිමි නමකි.

Share with your friends :