27 C
Colombo
24/11/2024

20 වන සංශෝධනය ගැන විවාදය කල්දමන්න – විපක්ෂයෙන් කතානායකට ලිපියක්

Share with your friends :

රට පුරා කොරෝනා වසංගතය  පැතිර යමින් ඇති මොහොතක පාර්ලිමේන්තුව රස කිරීම කොරෝනා මර්ධන නීති රීතිවලට පටහැනි බවත් එම නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා  20 වන සංශෝධන  විවාදය කල් දමන ලෙසත් ඉල්ලමින් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත  ලිපියක් යොමු කර තිබේ.

කොවිඩ් ආසාධිතයින් රටේ සෑම දිස්ත්‍රික්කයකම හෙළිදරව් වී ඇති බවද   එය වසංගතයක් බවට පත්ව ඇත්තේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා බව පෙනෙන්නට ඇතැයිද පවසන කිරිඇල්ල මහතා   පසුගිය අප්‍රේල් මස 22 වන දා පටන් කිහිප අවස්ථාවක කොවිඩ් උවදුර අවසන් යැයි ආණ්ඩුව ප්‍රකාශ කළත් එසේ සිදුවී නොමැති බව කියා සිටී.

ශ්‍රීලංකාව කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය නීති රීති හා රෙගුලාසි ගෙන ඒමට මාස 10 ක් පමණ ප්‍රමාද වූ බවද  ,ප්‍රමාද වී හෝගැසට් කරන ලද මෙම රෙගුලාසි අනුව පාර්ලිමේන්තු  රැස්වීම් නීමා කළ යුතු බවද  දුරස්ථභාවය ආරක්ෂා කර ගත යුතු බවද පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය රජයේ රෙගුලාසිවලට පරස්පර වන අතර රැස්වීම් සීමා කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද එම නීතිරීතිවලට පටහැනි බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා කියා සිටී.

එම නිසා මෙම සතියේ පැවැත්වීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඒ අනුව මෙරට කොරෝනා පැතිරයාම පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙමින් මෙම සතියේ පාර්ලිමේන්තු සැසිය  පැවැත්වීම රජය විසින් පනවන ලද නව නීති රීතිවලට අනුකූලව කැදවන ලෙසටද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා තිබේ.

Share with your friends :