27 C
Colombo
18/01/2025

20 වගන්ති කීපයකට පිවිතුරු හෙළ උරුමයත් විරුද්ධ වෙයි

Share with your friends :

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය ස්ථාවරය දක්වමින් පිවිතුරු හෙළ උරුමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ.

ප්‍රතිපත්තියක් ලෙස තම පක්ෂය  විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නමුත් එහි බරපතල සංශෝධන කිහිපයකට ලක් කළ යුතු බව පක්ෂ ස්ථාවරය බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන පනත් කෙටුම්පතක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විමසා බලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තියේ සඳහන් ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති උල්ලංඝණය වෙනවා ද යන සීමිත කරුණ පමණක්  බැවින් 20 වන සංශෝධනයේ අඩංගු කරුණු වල දේශපාලන සහ සමාජ බලපෑම පිළිබඳ සංවාදය තව දුරටත් ඉදිරියට ගෙන යා යුතු බව ද හදිසි පනත් සම්මත කිරීම, රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගණකාධිපති සතු බලතල අහෝසි කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ජනාධිපති වීමට අවස්ථාව සැලසීම, ඇමතිවරුන් ගණනට ඇති සීමාව ඉවත් කිරීම යන කරනා සම්බන්ධයෙන් යෝජිත  20 වන සංශෝධනයේ සඳහන් කාරනා සංශෝධනය විය යුතු බවද පිවිතුරු හෙළ උරුමය පවසයි.

Share with your friends :