27 C
Colombo
24/11/2024

සළුසල යලිත් හිස ඔසවන ලකුණු -ආණ්ඩුවෙන් සහන රැසක්

Share with your friends :

රජයට අයත් ලංකා සළුසල ආයතනයේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කිරීම අරමුණින් රාජ්‍ය ආයතන විසින් තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ සළුසල ආයතනයෙන් සහ රජයට අයත් ආයතනවලින් රෙදිපිළි මිල දී ගැනීමේදී සියයට පහළොවක ප්‍රමුඛතාවයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

එසේම ලංකා සළුසල ආයතනය සඳහා  රජයේ නව කර්මාන්ත හා වෙළඳ ප්‍රතිපත්ති අනුව උපාය මාර්ගික පස් අවුරුදු ව්‍යාපෘති සැලැස්මක් සකස් කර ඇති අතර, රාජ්‍ය අංශයේ ආයතනවල රෙදිපිළි ඉල්ලුම පිළිබඳ අධ්‍යයනය කර දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් ජාලගත කරමින් නව ව්‍යාපාරික ප්‍රවේශයකින් කටයුතු කිරීමට ද සැලසුම් කර ඇත.

එසේම ජනතාව යලිත් වරක් සළුසල ආයතනය වෙත සමීප කරවීමට හා නවීනතම පහසුකම්වලින් යුත්  නව අලෙවිසල් ප්‍රධාන නගර වල විවෘත කිරීමටද නියමිතය.එසේම දේශීයව නිපදවන අත්යන්ත්‍ර රෙදි පිළි මේ වන විට මෙරට අතිශය ජනප්‍රිය අතර එම රෙදිපිළි සහන මිලට ජනතාවට අලෙවි කිරීමේ වැඩපිළිවෙලක්ද අරම්බැහැ කිරීමට අවධානය යොමුවී තිබේ.

Share with your friends :