27 C
Colombo
18/01/2025

මහා සංඝරත්නයේ විරෝධය නිසා 20 වගන්ති තුනක් සංශෝධනයට රජයේ එකඟත්වය

Share with your friends :

20 වන ව්‍යවස්ථා සංශෝධනයට මහා සංඝරත්නය ඇතුළු සමාජයේ විවිධ කොටස් වලින් එල්ලවූ දැඩි විරෝධය හමුවේ එහි ප්‍රධාන කරුණු තුනක් යලි සංශෝධනය කිරීමට රජය එකඟවී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන යෝජනා  සැලකිල්ලට ගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ම එම සංශෝධන තුන කැබිනට් මණ්ඩලයට  යෝජනා කර ඇති අතර කැබිනට් මණ්ඩලය එය අනුමත කර තිබේ.

විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟවූ සංශෝධනවලට අමතරව මෙම නව ප්‍රධාන  සංශෝධන තුන සිදු කෙරේ.

ඒ අනුව විගණනය සම්බන්ධයෙන් 19 සංශෝධනය තිබූ ආකාරයටම පවත්වා ගෙන යාමටත් ,හදිසි පනත් සම්මත කිරීමේ ජාතික ආරක්ෂාවට සහ ජාතික ආපදාවන් යන කාරණාවලට පමණක් සීමා කිරීමටත්, අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කිරීම 19 සංශෝධනයේ  ආකාරයටම පවත්වා ගෙන යාමටත්  රජය එකඟවී තිබේ.

Share with your friends :