27 C
Colombo
18/01/2025

භාණ්ඩාගාර බිල්පත් වලට ඉල්ලුම අඩුවෙලා

Share with your friends :

ජාත්‍යන්තර මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ ස්ථාන දෙකක් පහත හෙළීමට කටයුතු කිරීමත් සමග මෙරට භාණ්ඩාගාර බිල්පත් සඳහා ඇති ඉල්ලුම ශීග්‍රයෙන් අඩුවී තිබේ.

මේ තත්වය හේතුවෙන්  පසුගිය සැප්තැම්බර් 29 වැනිදා මහ බැංකුව විසින් සිදුකළ භාණ්ඩාගාර බිල්පත් නිකුතුවේදී අලෙවිය සඳහා නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත්වලින් 97% ක් පමණ අලෙවි වී නොමැත.පසුගිය සැප්තැම්බර් 29 වැනිදා සිදුකළ භාණ්ඩාගාර බිල්පත් නිකතුවේදී මාස තුනකින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන තුනක් නිදහස් කළ අතර ඒ සඳහා කිසිදු ගැණුම්කරුවෙකු ඉදිරිපත් වී නොමැත. එසේම මාස 06 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 16 ක් නිකුත් කළ නමුත් ඉන් මිලදී ගෙන ඇත්තේ රුපිය්ල මිලියන 407 ක භාණ්ඩාගාර බිල්පත් පමණි.වසරකින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 16 ක් නිකුත් කළ නමුත් මිලදී ගෙන තිබෙන්නේ රුපියල් මිලියන 488 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් පමණි.

මෙම තත්වය මත ඇතැම්  රටවල් හා මුල්‍ය ආයතන ශ්‍රී ලංකාවට තවදුරටත් ණය ලබානොදීමට ඉඩ ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

Share with your friends :