27 C
Colombo
18/01/2025

පාතාල නායක මාකදුරේ මදුෂ් වෙඩි වැදී මරුට

Share with your friends :

ප්‍රබල පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා  මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් අද (20)   මිය ගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එහිදී  ගිනි අවි 2ක් සහ හෙරොයින්  මත් කුඩු  කිලෝ 22ක් ද  සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාසයේ හෙරොයින් කිලෝග්‍රෑම් 42ක් සඟවා ඇතැයි ලැබූ තොරතුරකට අනුව, කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් දහසය දෙනෙකු එම ස්ථානය වැටලීමට ගිය අවස්ථාවේදී  අලුයම 3.08ට පමණ මෙම වෙඩි හුවමාරුව සිදුවී තිබේ.

එහිදී තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලීසිය වෙත වෙඩි තබා ඇති අතර එම වෙඩි හුවමාරුවකට මැදිව මධුෂ් මරුමුවට පත්වී ඇති බවද පොලිසිය කියයි.

මෙම අවස්ථාවේදී, අත් බෝම්බයක් පිපිරී සහ වෙඩි ප්‍රහාර දෙකක් නිකුත් වී ඇති අතර ඒ හේතුවෙන් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙරටින් පළාගොස් වසර ගණනාවක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි මධුෂ් 2019 වසරේදී මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් ඩුබායි පොලිසියට හසුව මෙරටට පිටුවහල් කරන ලදී. වසර එකහමාරක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මධුෂ්ව කොළඹ අපරාධ කොට්ඨාශයට බාරදී තිබුණේ මීට දින 4කට පෙර, එනම් ඔක්තෝබර් 16 වනදාය.මෙහිදී සොයාගත් මත් ද්‍රව්‍ය  තොගයේ වටිනාකම කෝටි 22 කි.

Share with your friends :