කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණෙන් පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය ලබන 26 වන සඳුදා උදෑසන 5.00 දක්වා වසා තැබීමට මැනිං මාකට් පොදු වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.
කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පොලිසිය ලබාදුන් උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.
එම කාලය අතරතුර කිසිදු ගනුදෙනුවක් සඳහා පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණීමෙන් වලකින ලෙසට වෙළඳුන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.