27 C
Colombo
18/01/2025

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් පොම්පියෝ 27 දා ශ්‍රීලංකාවට – දකුණු ආසියාවේ චීන බල ව්‍යාප්තිය නැවත්වීමට ඉන්දියාවටත් යයි

Share with your friends :

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඔක්තෝබර් 27 වැනිදා ශ්‍රීලංකාවට පැමිණීමට නියමිතය. ඔක්තෝබර් 28 වැනිදා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රීලංකා ජනාධිපතිවරයා , අගමැතිවරයා ඇතුළු ඉහල පෙලේ බලධාරීන් සමග දීර්ඝ  වශයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ශ්‍රීලංකාව තුල ඉහල යමින් පවතින චීන මැදිහත්වීම හා සම්බන්ධ කරුණු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ගමනට ප්‍රධාන හේතුව බව පැවසේ.

මෙම ගමනේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මාලදිවයිනේද සංචාරය කරන අතර ඊටද මුලිකම හේතුව මාලදිවයින තුල  චීන මැදිහත්වීම් බව පැවසේ.

ඇමරිකා එක්සත් ජනපදය දකුණු ආසියාව තුල චීනයේ බලපෑම් හා මැදිහත්වීම් වැඩිවීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබේ.මේ අතර අසල්වැසි ඉන්දියාවද ශ්‍රීලංකාව තුල චීන මැදිහත්වීම් ඉහල යාම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිය විරෝධය දක්වා තිබේ.

මේ අතර ද්වීපාර්ශ්වික සම්බන්ධතා සහ  ආරක්ෂක හා මූලෝපායික කටයුතු ගැන සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා හා ආරක්ෂක ලේකම් මාක් එස්පර්, ඉන්දියාවේ නවදිල්ලි අගනුවරටද පැමිණෙන බව සඳහන්ය. ඔවුන් දෙදෙනා ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජයිෂන්කර් සහ ආරක්ෂක ඇමති රාජ්නාත් සිං සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මීට පෙර 2015 දී එවකට ඇමරිකානු  රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ශ්‍රීලංකාවට පැමිණියේ එවකට ඇමරිකානු රජයේ ආශිර්වාදය ඇතිව ශ්‍රීලංකාව තුල සිදුවූ බල පෙරළියෙන් අනතුරුවය.

Share with your friends :