27 C
Colombo
01/11/2024

විස්ස ගැන සොයන්න ජාතික සමගි බලවේගයෙන් කමිටුවක්

Share with your friends :

විසිවැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව සිදු කරන සංශෝධන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ පිළිබද අධ්‍යයනය කර කරුණු වාර්තා කිරීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, මුජුබර් රහුමාන් යන මහත්වරුන් එහි සාමාජිකයන් ලෙස පත්කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායම පසුගියදා රැස්විය.

විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව සිදු කර ඇති සංශෝධන පිළිබඳ කරුණු සොයා බලා පාර්ලිමේන්තු කණ්ඩායම දැනුවත් කිරීම එම කමිටුවට පැවරී තිබේ.

Share with your friends :