27 C
Colombo
01/11/2024

පාර්ලිමේන්තුවේදී විමල් – කැටගොඩ අතර ගැටුමක්

Share with your friends :

ජාතික නිදහස් පෙරමුනේ  නායක, කර්මාන්ත ඇමති  විමල් වීරවංශ මහතා සහ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තු සංකීරණයේදී  ගැටුම්කාරී තත්වයක් ඇතිවී ඇති අතර එම ගැටුම එම ස්ථානයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වළක්වා තිබේ.

’ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ වගන්තියට විරුද්ධව කටයුතු කරන ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය එයට ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගත් උත්සාහ ගත් බවට ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු පක්ෂ නායක විමල් වීරවංශ මහතාට පැමිණිලි කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ කිහිපදෙනෙකු අමතා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පූර්ණ ලෙස සහයෝගය ලබා දුන්නොත් ඉදිරියේ දී තනතුරු, වරදාන, වරප්‍රසාද ලබා දිය  හැකි බව ප්‍රකාශ කලේ යයි ජනිපෙ මන්ත්‍රීවරු පවසති.

මේ සම්බන්ධයෙන් ඔහු ඉදිරියේම පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කළ අතර එහිදී  විමල් වීරවංශ මහතා සහ  ජයන්ත කැටගොඩ මහතා අතර ගැටුමක් ඇතිවූ අතර එම ගැටුම එම ස්ථානයේ සිටි සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වළක්වා තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විමල් වීරවංශ ජයන්ත සමරවීර, මොහොමඞ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, උද්දික ප්‍රේමරත්න යන හය දෙනාගෙන් සමන්විත ය.

Share with your friends :